Event

ජයන්ති කුරු-උතුම්පාල

March 24, 2020
- nodelete

සම-නිර්මාතෘ සහ උපදේශක, Delete කරන්න එපා

ජයන්ති කුරු-උතුම්පාල යනු දශක දෙකකට අධික පළපුරුද්දක් සහිත ස්ත්‍රීවාදී සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාකාරිනියක වන අතර, කඳු නගින්නියක් ලෙසද ඒ හා සමාන වූ පළපුරුද්දක් ඇය සතුවේ. සමාජභාවය, සමාජීය පුමිතිරියාව පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, පුරුෂභාවය (masculinity), කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳව මෙන්ම, වඩාත් මෑතක දී සිට ක්‍රීඩාවන්හි නියුතු කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් තාක්ෂණික උපදේශකවරියක, පුහුණුකාරියක, පර්යේෂකවරියක සහ වැඩසටහන් කළමණාකාරියක ලෙස ජාතික, කලාපීය සහ ගෝලීය මට්ටමින් ඇය කටයුතු කරයි. එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට ජයන්ති 2016 වසරේදී පත් වූ අතර, මෙම ජයග්‍රහණය අගයමින් ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් 2016-2019 කාලය සඳහා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සුහද තානාපතිවරිය ලෙස ඇයව පත් කරන ලදී. වසර 2016 සිට, ප්‍රචණ්ඩකාරී ගැටුම් අවම කිරීම සඳහා දේශපාලනමය සංවාදයට පහසුකම් සපයන ඇම්ස්ටර්ඩෑම් මූලික කරගත් පදනමක් වන ඩයලොග් ඇඩ්වයිසරි ග්රූප් හි  (Dialogue Advisory Group) උපදේශකවරියක ලෙසද ඇය ක්‍රියා කරයි. ඇය මේ වනවිට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලිංගික අතවර පැමිණිලි පිලිබඳ කමිටුවේ සභාපතිනිය, ශ්‍රී ලංකාවේ කාන්තා හා මාධ්‍ය සාමූහිකයේ (Women and Media Collective) සභාපතිනිය, ශ්‍රී ලංකාවේ කාන්තා සම්පත් මධ්‍යස්ථානයේ (Women’s Resource Centre) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් සහ එක්සත් රාජධානිය මූලික කරගත් විමෙන් ඔෆ් ද වර්ල්ඩ් ෆවුන්ඩෙෂන්හි (Women of the World Foundation) භාරකරුවකු (trustee) ලෙස ද කටයුතු කරයි. එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සමාජභාවය පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධිය ලබාගත් ජයන්තිශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සම්පුර්ණ කර ඇත.

You may also like