රහස්‍ය බව පිලිබඳ පිලිවෙත

වෙබ් අඩවිය


ඔබ, අපගේ වෙබ් අඩවියේ යම් අදහස් පළකිරීමක් සිදු කරන්නේ නම්,  ඔබගේ නම, ඊමේල් ලිපිනය සහ වෙබ් අඩවිය ‘කුකීස්’ තුළ සුරැකිව ස්ථානගත කිරීමට  කැමැත්ත ලබාදිය හැක. මෙම දත්ත ස්ථාන ගත කිරීම ඔබේ පහසුව සඳහා ගන්නා පියවරක් වන අතර, එමඟින් ඔබ නැවත නැවතත් අදහස් ප්‍රකාශ කිරීමේදී ඔබේ විස්තර නැවත පිරවීමට අවශ්‍ය නොවනු ඇත. මෙම ‘කුකීස්’ වසරක කාලයක් සඳහා රඳවා තබාගනු ලැබේ.

වෙනත් වෙබ් අඩවි වලින් එක්කරන ලද අන්තර්ගතයන් (embedded content)

මෙම වෙබ් අඩවියේ ඇති ලිපිවල වෙනත් වෙබ් අඩවි වල පළකර ඇති අන්තර්ගතයන් (උදා. වීඩියෝ, පින්තූර, ලිපි, ආදිය) අඩංගු විය හැකිය. එලෙස වෙනත් වෙබ් අඩවි වලින් එක්කරන ලද අන්තර්ගතයන් (embedded content) වෙත යොමුවීමේදී පරිශීලකයෙකු, එම අදාළ වෙබ් අඩවියට පිවිස ඇති බවට සැළකෙනු ලැබේ.
මෙම වෙබ් අඩවි ඔබගේ දත්ත එක්රැස් කිරීම, ‘කුකීස්’ භාවිතා කිරීම, වෙනත් තුන්වන පාර්ශ්ව සොයාබැලීම් මෙන්ම ඔබට එම වෙබ් අඩවියේ ගිණුමක් තිබේ නම් සහ එම වෙබ් අඩවියට පුරනය වී ඇත්නම්,  එක්කරන ලද අන්තර්ගතයන් (embedded content) හා සමඟ පවතින ඔබගේ අන්තර්ක්‍රියා නිරීක්ෂණය කිරීම ඇතුළුව, එම අන්තර්ගතයන් හා සම්බන්ද ඔබගේ අන්තර්ක්‍රියා නිරීක්ෂණය කළ හැකිය.

ලබාදී ඇති දත්ත වෙනුවෙන් ඔබට ඇති අයිතිවාසිකම් කවරේද?

ඔබට මෙම වෙබ් අඩවියේ ගිණුමක් තිබේ නම්, එසේත් නැතිනම් මෙහි අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකර ඇත්නම්, ඔබ අපට සපයා ඇති ඕනෑම දත්තයක් ඇතුළුව, අප සතුව පවතින ඔබගේ පුද්ගලික දත්තවල නිර්යාත ගොනුවක් ඉල්ලා සිටීම ඔබට සිදුකළ හැකිය. ඔබ ගැන අප සතුව පවතින පුද්ගලික දත්ත මකා දමන ලෙසටද ඔබට අපෙන් ඉල්ලා සිටිය හැක. පරිපාලනමය, නීතිමය හෝ ආරක්ෂක අරමුණු හේතුවෙන් රඳවා තබා ගැනීමට අප බැඳී සිටින දත්ත මෙයට ඇතුළත් නොවේ.

සමීක්ෂණය

ඔබ විසින් ලබාදෙන තොරතුරු වලට සිදුවන්නේ කුමක්ද?

මෙම සමීක්ෂණය සම්පුර්ණයෙන් නිර්නාමික වේ. ඔබ කැමති නම් පමණක්, මෙම සමීක්ෂණය අවසානයේ දී පිටපත් (screenshots) හෝ වෙනත් උපකාරක තොරතුරු උඩුගත කළ හැක. මෙම තොරතුරු උඩුගත කිරීම සමීක්ෂණය සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍ය නොවේ. නමුත් ඔබ එසේ කරන්නේ නම්, කරුණාකර ඔබව හෝ වෙනත් අයව හඳුනා ගත හැකි ඕනෑම ආකාරයේ තොරතුරක් තිබේනම්, එම තොරතුරු කළු පැහැ ගන්වා, මකා දමා, හෝ ඉවත් කර ඇති බවට සහතික වන්න. ඔබට මේ සඳහා උපකාර අවශ්‍ය වන්නේ නම්, කරුණාකර අපව හෝ ඔබට සහාය දක්වන වෙනත් සංවිධානයන් හා සම්බන්ධ වන්න.
එකතු කරන ලද දත්ත ආරක්ෂිත දත්ත පද්ධතියක ගබඩා කරනු ලබන අතර පිටපත් (screenshots) මාස 12 ක කාලයක් සඳහා පමණක් ගබඩා කර තබා ගැනේ. ඉහතින් සඳහන් කර ඇති අරමුණු ඉටුකර ගැනීම සඳහා සමාජ විද්‍යා පර්යේෂකයෙකු ‘Delete කරන්න එපා’ හා සමඟ එක්ව තොරතුරු විශ්ලේෂණය කරනු ඇත. සමීක්ෂණය අවසානයේ දී අප සමඟ බෙදාගත් තොරතුරුවල පිටපතක් ද ඔබට බාගත හැකිය. යම් හෙයකින් ඔබට ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන්නේ නම් මෙම පිටපත භාවිතා කළ හැක.

වගකීම්සහගත දත්ත ප්‍රතිපත්තිය

දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය සහ ප්‍රකාශනය කිරීම වගකීම් සහගතව සහ සදාචාරාත්මක ලෙස සිදු කරන බව සහතික කිරීම සඳහා ‘ද එන්ජින් රූම්’ සංවිධානයේ ‘ඩෑට්නැව්: මානව හිමිකම් පර්යේෂණ සඳහා ඩිජිටල් දත්ත යොදාගන්නේ කෙසේද” (The Engine Room’s “DatNav: How to navigate digital data for human rights research”) යටතේ සපයනු ලබන මාර්ගෝපදේශ භාවිතා කෙරේ.