ඔබගේ කතාව බෙදා ගන්න

මෙම සමීක්ෂණය ගැන

Delete කරන්න එපා යනු කුමක්ද?

Delete කරන්න එපා යනු අන්තර්ජාලය මත පදනම් වූ ත්‍රෛභාෂා සමීක්ෂණ මෙවලමක් වන අතර එහි අරමුණ ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීමයි. අප විසින් තාක්‍ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය කෙබඳු විය හැකිද, එවැනි ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව කටයුතු කළ හැකි ක්‍රම සහ උපකාරක සේවාවන් සමග සම්බන්ධ විය හැකි ආකාර අප සපයන්නෙමු. Delete කරන්න එපා යන යෙදුම අප භාවිතා කරන්නේ, වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයන් පිලිබඳ වාර්තා තබා ගැනීමේ වැදගත්කම යන කාරණාව පාදක කරගෙනයි.

Delete කරන්න එපා විසින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

ඔබ මුහුණදුන් අත්දැකීම් යොදා ගෙන අප විසින් තාක්ෂණික ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතා හා රටාවන් හඳුනා ගැනීමට බලාපොරොත්තු වන අතර ඒ මගින් රජය හා සමාජ මාධ්‍ය මගින් වඩාත් ශක්තිමත් සමාජ හා නෛතික විසදුම් ලබා ගැනීම සදහා සාක්ෂි එකතු කිරීම අපගේ අරමුණයි. වින්දිතයින්ට / වත්ව සිටින්නන්ට යුක්තිය ඉටු කිරීමට මෙන්ම වැරදිකරුවන් වගවීම සඳහා මෙය දායක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ඔබේ තොරතුරු යන්නේ කොතැනටද?

මෙම සමීක්ෂණය නිර්නාමිකය. එකතු කරන ලද දත්ත ආරක්ෂිත දත්ත ගබඩාවක ගබඩා කර ඇති අතර තිරපිටපත් ගබඩා වන්නේ මාස 12 ක කාලයක් සඳහා පමණි. ඉහත අරමුණු සඳහා සමාජ විද්‍යා පර්යේෂකයෙකු විසින් Delete කරන්න එපා කණ්ඩායම සමඟ එක්ව තොරතුරු විශ්ලේෂණය කරනු ලැබේ. සමීක්ෂණය අවසානයේදී ඔබ අප සමඟ බෙදාගත් තොරතුරු වල පිටපතක් ඔබට බාගත කළ හැකිය, ඔබට ඉදිරි පියවර ගැනීමට කැමති නම් එම තොරතුරු භාවිතා කළ හැකිය. ඔබේ තොරතුරු අප විසින් භාවිතා නොකළ යුතු බව ඔබ පසුව තීරණය කළහොත්, අපව අමතා ඔබේ යොමු අංකය ලබා දුන් විට ඒවා අපේ දත්ත ගබඩාවෙන් ඉවත් කිරීමට අපි කටයුතු කරන්නෙමු.

වගකිවයුතු දත්ත ප්‍රතිපත්තිය

දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම වගකිවයුතු හා සදාචාරාත්මක ආකාරයකින් සිදු කිරීම සහතික කිරීම සඳහා The Engine Room මගින් ඉදිරිපත් කරන “ඩැට්නව්: මානව හිමිකම් පර්යේෂණ සඳහා ඩිජිටල් දත්ත සැරිසරන්නේ කෙසේද” (DatNav: How to navigate digital data for human rights research) යන මාර්ගෝපදේශ භාවිතා කරනු ලැබේ.

මෙම සමීක්ෂණය ඔබට මාර්ගගතව සම්පූර්ණ කළ නොහැකි නම්, එහි වර්ඩ් ඩොකුයුමන්ට් (word document) එකක් බාගත කර ඔබගේ පිළිතුරු එහි සඳහන් කර deletenothingcontact@gmail.com යන විද්‍යුත් තැපෑල වෙත යොමුකළ හැක. Delete කරන්න එපා කණ්ඩායම විසින් ඔබව හඳුනාගත හැකියයි සිතන්නේ නම් සහ එයට ඔබ අකමැති නම්, නිර්නාමික විද්‍යුත් තැපැල් ලිපියක් හරහා ඔබට සමීක්ෂණය යොමුකළ හැකිය.

මම මේ සමීක්ෂණය පුරවන්නේ

ඉහත සඳහන් කරුණු කියවා තේරුම් ගෙන ඇති බවත්, මෙම සමීක්ෂණයේදී මා සපයන තොරතුරු ඉහත ලැයිස්තුගත කර ඇති අරමුණු සඳහා භාවිතා කිරීමට ලබා දීමට එකඟ වන බවත් මම මෙයින් සහතික කරමි.

එසේම, මෙම සමීක්ෂණයට පිළිතුරු දෙන අතරතුරදී හෝ ඉන් පසු ඕනෑම වේලාවක දී Delete Nothing අමතා මා සපයන තොරතුරු ඉවත් කරවා ගැනීමට හැකි බව මම අවබෝධ කර ගතිමි.