ඔබේ අයිතිවාසිකම්

අන්තර්ජාලයේ නොවන ඔබේ අයිතිවාසිකම්, ඔබගේ අන්තර්ජාලයේ අයිතිවාසිකම් ද වේ.

ඔබේ ස්ත්‍රී පුරුෂභාවය හෝ ලිංගික දිශානතිය පදනම් කරගෙන හිරිහැරයට ලක්නොවී අන්තර්ජාලය තුළ අදහස් ප්‍රකාශ කිරීමට ඔබට අයිතියක් ඇත.

වාරණය, ලැජ්ජාව හෝ සදාචාරාත්මක පාලනයකට(moral policing) යටත් නොවී අන්තර්ජාලය තුළ ලිංගික ප්‍රකාශනය සඳහා ඔබට අයිතියක් ඇත.

ඔබට පුද්ගලිකත්වයට අයිතියක් ඇති අතර ඔබ අන්තර්ජාලය තුළ ප්‍රකාශනය වන ආකාරය පිළිබඳ පූර්ණ පාලනය ඔබ සතුය.

ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට ඔබ නිර්මාණය කරන හෝ බෙදාගන්නා අන්තර්ගතය, ඔබ අනෙක් පුද්ගලයින් සමඟ සමීපව ඉන්නා රූප ද ඇතුළුව පාලනය කිරීමේ පූර්ණ අයිතිය ඔබට ඇත. 

ඔබගේ ජීවිතයේ කුමන හෝ කොටස් ඔබ අනෙක් පුද්ගලයින් සමඟ බෙදා ගැනීම තීරණය කිරීමට සහ පාලනය කිරීමට ඔබට අයිතියක් ඇත.

ඔබගේ ලිංගභේදය, ලිංගික දිශානතිය, වයස, අධ්‍යාපනය, ජාතිය, ආගම, සමාජ පන්තිය යනාදී සියලු වර්ගවල නොතකා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් අන්තර්ජාලයේ ආරක්ෂා වීමට ඔබට අයිතියක් ඇත.

අන්තර්ජාලයේ ස්ත්‍රීවාදී මූලධර්ම පිලිබඳ වැඩි විස්තර සඳහා (https://feministinternet.org/) බලන්න.