ඊළඟ පියවර

සහනයක් සහ / හෝ පිළියම් සොයා ගැනීමට ඔබට ගත හැකි පියවර කිහිපයක්

විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරයේ සහන සහ පිළියම් අවශ්‍යයි. පහත සඳහන් හැකියාවන් සලකා බලා ඔබට වඩාත්ම ගැලපෙන ඒවා තෝරා ගත හැකිය.

සෑම දෙයකම තිරපිටපත්(screen shots) ගෙන පින්තූර ආරකෂිතව තබන්න. විධිමත් පැමිණිල්ලක් ගොනු කිරීමේදී, පැමිණිල්ලක් ඉවත් කිරීම සඳහා අන්තර්ගතය වාර්තා කිරීමේදී බොහෝ විට සාක්ෂි ලෙස තිරපිටපත් ඉල්ලා සිටී.

ඔබගේ උපාංග (දුරකථන, ලැප්ටොප්, ස්මාර්ට් උපාංග ආදිය) සහ විද්යුත් තැපෑල, සමාජ මාධ්ය සහ පණිවිඩ යැවීමේ ගිණුම් සුරක්ෂිත කරන්න. ඔබට මඟ පෙන්විය හැකි දෙමළ, සිංහල සහ ඉංග්රීසි භාෂාවෙන් මූලාශ්‍ර/සම්පත් කිහිපයක් මෙහි දැක්වේ.

ඔබට සමීප මිතුරෙකු / පවුලේ සාමාජිකයෙකු හෝ ඔබට විශ්වාස කළ හැකි පුද්ගලයෙකු සමඟ කතා කරන්න.

සහාය ලබා දිය හැකි උපදේශක / උපදේශන සේවාවක් වෙත ළඟා වන්න. අපගේ ලැයිස්තුවට විශ්වාසදායක උපදේශකයින් සහ ඔබට සම්බන්ධ විය හැකි සේවාවන් ඇතුළත් වේ. LGBTIQ පුද්ගලයින්ට සහය දැක්වීමේ පළපුරුද්දක් ඇති අයෙකු සම්බන්ධ කර ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.

කිසිවක් Delete කරන්න එපා  සමීක්ෂණය සම්පූර්ණ කරන්න. රාජ්‍ය නොවන සංවිධානයකට හෝ වෙනත් සංවිධානයක් හා සම්බන්ධ වීමට ඔබ තෝරාගන්නේ නම්, සිද්ධිය පිළිබඳ තොරතුරු ලේඛනගත කර බාගත කිරීමට මෙහි ඔබට ඉඩ සැලසේ.

තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයකට ළඟාවෙන්න. අන්තර්ගතය ඉවත් කිරීම සඳහා අපගේ ලැයිස්තුවට සමාගම් සම්බන්ධ කර ගැනීම, නෛතික හා මනෝ සමාජීය සහාය සඳහා ඔබව සම්බන්ධ කිරීම, පොලිසිය සමඟ සම්බන්ධතා පැවැත්වීම ඇතුළු විවිධ ආකාරවලින් ඔබට සහාය විය හැකි විශ්වාසදායක රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් වේ.

විධිමත් පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කරන්න. මේ හා බැඳුනු අභියෝග තිබේ නම්,  කරුණාකර මෙම ලැයිස්තුවේ ඈති ඔබ වෙනුවෙන් සම්බන්ධ විය හැකි රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වන්න.