අපි-ගැන

About
අපි ගැන

'කිසිවක් Delete කරන්න එපා' යනු කුමක්ද?

කිසිවක් Delete කරන්න එපා යනු ත්‍රීභාෂා වෙබ් පදනම් කරගත් සමීක්ෂණ මෙවලමක් වන අතර එය ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින්, ස්ත්‍රීන් සහ සංක්‍රාන්ති පුද්ගලයින්ට එරෙහි තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයේ සිදුවීම් ලේඛනගත කිරීම අරමුණු කරයි. තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය කෙබඳු විය හැකිද යන්න සම්පත් සමඟ ඇති මෙවලම්වල විස්තර, එවැනි ප්‍රචණ්ඩත්වයන් සමඟ කටයුතු කළ හැකි ක්‍රම සහ උපකාර අවකාශයන් සමඟ සම්බන්ධ විය හැකි ස්ථාන වෙබ් අඩවියක තැන්පත් කෙරේ. කිසිවක් Delete කරන්න එපා මගින් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රචණ්ඩ සිදුවීම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීමේ වැදගත්කම සඳහන් වේ. CREA ආයතනයේ සහාය ඇතිව මෙම ව්යාපෘතිය ජයන්ති කුරුඋතුම්පාල, සෙයිනබ් ඉබ්රාහිම් සහ සචිනි පෙරේරා විසින් සිදු කරන ලදී.

අපි ගැන

Team

මිෂාරී වීරබංසා

සම-ප්‍රධානී වැඩසටහන්, Delete කරන්න එපා

මිෂාරී වීරබංසා කුවියර් ස්ත්‍රීවාදී සහ සමාජ මනෝවිද්‍යාඥවරියකි. ඇයගේ පර්යේෂණ පදනම් වී ඇත්තේ අන්තර් කණ්ඩායම් ගතිකත්වය, සමාජ සාධාරණත්වය සහ අසමානතාවය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය සහ මෙම ක්‍රියාවලීන් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල ප්‍රකාශ වන ආකාර යන තේමාවන් මතය. නොටින්හැම් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති මිෂාරීදැනට සම-ප්‍රධානී වැඩසටහන් ලෙස සේවය කරන Delete කරන්න එපා හා සම්බන්ධ වීමට පෙර උප-කර්තෘවරයෙකුකථිකාචාර්යවරයෙකු සහ අධ්‍යයන පරිපාලකයෙකු ලෙස කටයුතු කර ඇත.

Team

ප්‍රිස්කිලා අරුල්ප්‍රගාසම්

සම-ප්‍රධානී මෙහෙයුම්, Delete කරන්න එපා

ප්‍රිස්කිලා අරුල්ප්‍රගාසම් ජාතික සමාජ සංවර්ධන ආයතනයෙන් සමාජ වැඩ පිළිබඳ උපාධියක් ද අයිස්ලන්ත විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සමාජීය පුම්තිරියාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත. ඇය ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම්, සමාජීය පුම්තිරියව සහ සුරක්ෂිත ගබ්සාව පිළිබඳ කටයුතු කරන ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියකි. ඇය පසුගිය වසර 9 තුළ කාන්තාවන්, ගැහැණු ළමයින් සහ යෞවනයන් තම ශරීරය පිළිබඳ දැනුවත් තීරණ කිරීමේදී මුහුණ දෙන ගැටළු විසඳීමට යෝජනා කර ඇති අතර තරුණයින්ට, කාන්තාවන්ට සහ කුවියර් පුද්ගලයින්ට බලපාන  ශාරීරික ස්වාධිපත්‍යය, ආබාධිත අයිතිවාසිකම් සහ වෙනත් අන්තර් සම්බන්ධක ගැටළු පිළිබඳව දැඩි උනන්දුවක් දක්වයි. ඇය 2016/2018 සඳහා ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ තරුණ තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපතිනිය ලෙස සේවය කර ඇති අතර 2019 වසරේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලහි (UNFPA) ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් පිළිබඳ තරුණ නවෝත්පාදන සාමාජිකාවක් ද විය. ඇය දැනට Delete කරන්න එපා සඳහා සම-ප්‍රධානී මෙහෙයුම් සහ ශ්‍රී ලංකා තරුණ උපදේශන ජාලයේ (YANSL) හි සංවිධාන, සංවර්ධන සහ පරිපාලක අධ්‍යක්ෂ ලෙස සේවය කරයි.

Team

ජයන්ති කුරු-උතුම්පාල

ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක්

සම-නිර්මාතෘ සහ උපදේශක, Delete කරන්න එපා

ජයන්ති කුරු-උතුම්පාල යනු දශක දෙකකට අධික පළපුරුද්දක් සහිත ස්ත්‍රීවාදී සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාකාරිනියක වන අතර, කඳු නගින්නියක් ලෙසද ඒ හා සමාන වූ පළපුරුද්දක් ඇය සතුවේ. සමාජභාවය, සමාජීය පුමිතිරියාව පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, පුරුෂභාවය (masculinity), කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳව මෙන්ම, වඩාත් මෑතක දී සිට ක්‍රීඩාවන්හි නියුතු කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් තාක්ෂණික උපදේශකවරියක, පුහුණුකාරියක, පර්යේෂකවරියක සහ වැඩසටහන් කළමණාකාරියක ලෙස ජාතික, කලාපීය සහ ගෝලීය මට්ටමින් ඇය කටයුතු කරයි. එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට ජයන්ති 2016 වසරේදී පත් වූ අතර, මෙම ජයග්‍රහණය අගයමින් ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් 2016-2019 කාලය සඳහා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සුහද තානාපතිවරිය ලෙස ඇයව පත් කරන ලදී. වසර 2016 සිට, ප්‍රචණ්ඩකාරී ගැටුම් අවම කිරීම සඳහා දේශපාලනමය සංවාදයට පහසුකම් සපයන ඇම්ස්ටර්ඩෑම් මූලික කරගත් පදනමක් වන ඩයලොග් ඇඩ්වයිසරි ග්රූප් හි  (Dialogue Advisory Group) උපදේශකවරියක ලෙසද ඇය ක්‍රියා කරයි. ඇය මේ වනවිට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලිංගික අතවර පැමිණිලි පිලිබඳ කමිටුවේ සභාපතිනිය, ශ්‍රී ලංකාවේ කාන්තා හා මාධ්‍ය සාමූහිකයේ (Women and Media Collective) සභාපතිනිය, ශ්‍රී ලංකාවේ කාන්තා සම්පත් මධ්‍යස්ථානයේ (Women’s Resource Centre) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් සහ එක්සත් රාජධානිය මූලික කරගත් විමෙන් ඔෆ් ද වර්ල්ඩ් ෆවුන්ඩෙෂන්හි (Women of the World Foundation) භාරකරුවකු (trustee) ලෙස ද කටයුතු කරයි. එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සමාජභාවය පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධිය ලබාගත් ජයන්තිශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සම්පුර්ණ කර ඇත.

Team

සචිනි පෙරේරා

ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක්

සම-නිර්මාතෘ, Delete කරන්න එපා

සචිනි පෙරේරා RESURJ සංවිධානයේ විධායක සම්බන්ධීකාරක ලෙස ක්‍රියා කරයි. ඇය තාක්‍ෂණය, පොප් සංස්කෘතිය, ලිංගික හා ප්‍රජනන යුක්තිය සහ සන්තුෂ්ටිය (pleasure) යන ක්ෂේත්‍රයන් මුලික කොට සිතන, පර්යේෂණ කරන, ලියනනිර්මාණ සිදුකරන සහ ඉගැන්වීම් සිදුකරන ශ්‍රී ලාංකික කුවියර් ස්ත්‍රීවාදියෙකි. ලන්ඩනයේ කිංග්ස් කොලේජයේ ඩිජිටල් සංස්කෘතිය සහ සමාජය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ඇති සචිනි, 2019/2020 චෙවෙන්නිං (Chevening) ශිෂ්‍යත්වලාභියෙකුද වේ. පසුගිය වසර 14 පුරාවට ප්‍රාදේශීය, කලාපීය සහ ගෝලීය ස්ත්‍රීවාදී සහ කාන්තා අයිතිවාසිකම් නගාසිටුවීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් සන්නිවේදනය සහ උපදේශන සැපයීමේ කාර්යභාරය ද ඇය ඉටුකර ඇත. සචිනි දැනට RESURJ සංවිධානය වෙනුවෙන් එලායන්ස් ෆො ෆෙමිනිස්ට් මුව්මන්ට් (Alliance for Feminist Movements) හි මෙහෙයුම් කණ්ඩායමේ සම සභාපතිනිය ලෙස කටයුතු කරයි. මීට අමතරව නෙබියුලා ෆන්ඩ් (Nebula Fund), වීමෙන් ෆන්ඩ් ඒෂියා (Women’s Fund Asia) සහ W7 හි උපදේශකවරියක ලෙසද ඇය සේවය කර ඇත.

Team

සෙයිනබ් ඊබ්‍රාහිම්

ස්ත්‍රීවාදී ක්‍රියාරිනියක් සහ පර්යේෂිකාවක්

සම-නිර්මාතෘ සහ උපදේශක, Delete කරන්න එපා

කාන්තාවන්, නීතිය සහ සංවර්ධනය සඳහා වන ආසියා පැසිෆික් සංසදයේ (Asia Pacific Forum on Women, Law and Development – APWLD) ස්ත්‍රීවාදී දැනුම, ඉගෙනුම් සහ ප්‍රකාශන නිලධාරිනිය ලෙස සෙයිනබ් ඊබ්‍රාහිම් ක්‍රියා කරයි. ඇය ශ්‍රී ලංකාව පදනම් කරගත් ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක් සහ පර්යේෂකවරියක් වන අතර පසුගිය වසර 18 තුළ ඇය ලබාගත් අත්දැකීම් බොහොමයක් මූලික වශයෙන් සමාජ සාධාරණත්වය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් පර්යේෂණ, ලේඛනගත කිරීම්, ලිවීම් සහ කතෘ කටයුතුවල නිරත වීම හරහා උකහා ගෙන ඇත. සෙයිනබ් දකුණු ආසියානු ස්ත්‍රීවාදී ජාලයේ වන සන්ගට් (SANGAT) හි හර කණ්ඩායම් සාමාජිකාවක් වන අතර, ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංවාද සහ මතකය සඳහා වූ සාමූහිකයේ (The Collective for Historical Dialogue and Memory) භාරකරුවකු (trustee) ලෙසද ක්‍රියා කරයි. ඉන්දියාවේ ටාටා සමාජ විද්‍යා ආයතනයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සෙයිනබ් ලබාගෙන ඇත.