අපි-ගැන

About
අපි ගැන

'කිසිවක් Delete කරන්න එපා' යනු කුමක්ද?

කිසිවක් Delete කරන්න එපා යනු ත්‍රීභාෂා වෙබ් පදනම් කරගත් සමීක්ෂණ මෙවලමක් වන අතර එය ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින්, ස්ත්‍රීන් සහ සංක්‍රාන්ති පුද්ගලයින්ට එරෙහි තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයේ සිදුවීම් ලේඛනගත කිරීම අරමුණු කරයි. තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය කෙබඳු විය හැකිද යන්න සම්පත් සමඟ ඇති මෙවලම්වල විස්තර, එවැනි ප්‍රචණ්ඩත්වයන් සමඟ කටයුතු කළ හැකි ක්‍රම සහ උපකාර අවකාශයන් සමඟ සම්බන්ධ විය හැකි ස්ථාන වෙබ් අඩවියක තැන්පත් කෙරේ. කිසිවක් Delete කරන්න එපා මගින් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රචණ්ඩ සිදුවීම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීමේ වැදගත්කම සඳහන් වේ. CREA ආයතනයේ සහාය ඇතිව මෙම ව්යාපෘතිය ජයන්ති කුරුඋතුම්පාල, සෙයිනබ් ඉබ්රාහිම් සහ සචිනි පෙරේරා විසින් සිදු කරන ලදී.

අපි ගැන

Team

ජයන්ති

ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක්

ජයන්ති කුරුඋතුම්පාල යනු කාන්තා අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ වසර 15 කට වැඩි පළපුරුද්දක් ඇති ක්‍රියාකාරිනියකි. 2016 ව්සරේ මැයි මාසයේදී ඇය එවරස්ට් කඳු මුදුනට ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය. මෙම ජයග්‍රහහණය අගයමින් 2016-2019 සිට කාන්තා කටයුතු අමාත්‍යංශය විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ සන්නාම තානාපතිනි ලෙස ඇය පත් කරන ලදී. Chrysalis ආයතනය සමඟ ඇය කළ සේවය තුළින් CARE International වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම පිළිබඳ ගෝලීය කණ්ඩායමකට සම-නායකත්වය දෙයි. ලිංගික හිංසනයට එරෙහි පැමිණිලි පිළිබඳ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිනිය ද ජයන්ති ය.

Team

සෙයිනබ්

ස්ත්‍රීවාදී ක්‍රියාරිනියක් සහ පර්යේෂිකාවක්

සෙයිනබ් ඉබ්රාහිම් යනු ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී ක්‍රියාරිනියක සහ පර්යේෂිකාවකි. ඇයගේ බොහෝ කාර්යයන් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ ගැටළුවලට විසඳුම් ලබාදීම සහ උද්දේශනය ඇතුලත්වේ. Chrysalis ආයතනය සමඟ ඇය කළ සේවය තුළින් ඇය මේ වන විට CARE International වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම පිළිබඳ ගෝලීය කණ්ඩායමක සම-නායකත්වය දරයි.  මීට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආගමික ප්‍රචණ්ඩත්වය හා ඒ හා සම්බන්ධ ගැටුම් පිළිබඳ පර්යේෂණ හා ලේඛනගත කිරීම් ඇතුළත් කෘතියක් පළ කළාය.

සෙයිනබ් ඉන්දියාවේ ටාටා සමාජ විද්‍යා ආයතනයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි.

Team

සචිනි

ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක්

සචිනි යනු ශ්‍රී ලංකාවේ queer ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියකි. ඇයගේ වැඩ කටයුතු අන්තර්ජාලයේ අන්තර්ජේදනය, ජනප්‍රිය සංස්කෘතිය, ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳවය. ඇය පසුගිය දශකය පුරා ස්ත්‍රීවාදී සහ ස්ත්‍රී සංවිධාන වෙනුවෙන් උපායමාර්ගික සන්නිවේදනයන් සහ උපදේශකවරියක් ලෙස කටයුතු කර ඇත. 2017 දී ඇය ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී මූලාරම්භයක් වන Ghosha (ඝෝෂාකාරී, මහත් වූ ශබ්ද, විවෘතව කතා කිරීම) වෙබ් අඩවිය පිහිටුවන ලද අතර එමඟින් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ අනන්‍යතාවය තහවුරු කරනොගත් අය(queer) සඳහා අන්තර්ජාලය නොමිලේ, අයිතිවාසිකම් මත පදනම් කර ගනිමින් නියතව සහ කැමැත්තක් දනවන අයුරින් භාවිතා කිරීමට ස්ත්‍රීවාදී  මුලපිරීමක් සිදු කළාය.