Event

Delete කරන්න එපා තුළ නායකත්ව සංක්‍රමණය සම්බන්ධව දැනුම්දීමක්

July 12, 2023
- Mishaari Weerabangsa

Delete කරන්න එපා හි හිත මිතුරන් සහ අප වෙත සහයෝගය දක්වන සියල්ලන් වෙත,

මෙයට වසර පහකට පෙර ආරම්භ කරන ලද Delete කරන්න එපා පිළිබඳ වැදගත් තොරතුරකින් ඔබව දැනුවත් කිරීමට අපි සූදානම් වන්නෙමු. ශ්‍රී ලංකාවේ පමණක් නොව, දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට ගොස් තාක්‍ෂණය සහ ඩිජිටල් යුක්තිය සමඟින් ස්ත්‍රීවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් සෙමින් නමුත් නිසැකවම Delete කරන්න එපා සිය නොමසුරු දායකත්වය ලබාදී ඇත. ගතවූ වසර පහ පුරාවට අප ලබා ඇති වැදගත් ජයග්‍රහණ ලෙස:

  1. Delete කරන්න එපා හි ත්‍රිභාෂා ලේඛන සේවාව දියත් කිරීම සහ සමාජගත කිරීම;
  2. තාක්ෂණය සහ OGBV සඳහා වූ ස්ත්‍රීවාදී ප්‍රවේශයන් පිළිබඳ අවකාශයන් සහ දැනුම නිර්මාණය කිරීම සහ බෙදාගැනීම;
  3. හෑෂ්ටැග් පරපුර සමඟ සහයෝගීතාවයෙන් OGBV නිසා පීඩාවට පත් වූ පුද්ගලයින් සඳහා සහයෝගය ලබාදීමේ ත්‍රෛභාෂා සහය පද්ධතිය වන ප්‍රත්‍ය දියත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම; සහ
  4. ස්ත්‍රීවාදී අරමුදල් හරහා මූල්‍ය ආධාර අඛණ්ඩව ලබාදීම, හඳුන්වාදිය හැකිය.

Delete කරන්න එපා හි සම-නිර්මාතෘවරියන් වන ජයන්ති කුරු-උතුම්පාල, සචිනි පෙරේරා සහ සෙයිනබ් ඊබ්‍රාහිම් විසින් පසුගිය වසර 5 තුළ, ස්වේච්ඡා මට්ටමින්, මෙම වේදිකාව නිර්මාණය කර, වැඩි දියුණු කරමින් පවත්වාගෙන ගියහ. කෙසේ වෙතත්, Delete කරන්න එපා හි විෂය පථය සහ කාර්යය වඩාත් පුළුල් සහ ගැඹුරු ලෙසින් පැතිරී යන බැවින්, ඒ සඳහා ගැළපෙන වඩාත් ව්‍යුහගත කණ්ඩායමක අවශ්‍යතාවය සහ ස්වේච්ඡා මට්ටමින් ඔබ්බට ගොස් වැඩි කාලයක් කැප කිරීම වැදගත් බව පැහැදිළි වී ඇත. එබැවින්, Delete කරන්න එපා වේදිකාවට නැවුම් ව්‍යුහයක්, පාලනයක් සහ නව ස්ත්‍රීවාදී ශක්තියක් එක්කිරීම වෙනුවෙන් පුළුල් වූ ඉඩ හසරක් ලබා දීමට සම-නිර්මාතෘවරියන් ඉන් ඉවත්ව යනු ඇත. කෙසේ වෙතත්, දේශීය, කලාපීය සහ ගෝලීය ස්ත්‍රීවාදී ව්‍යාපාරයන්ට ලබාදිය හැකි තම හැකියාවන් උපරිමයෙන් ලබාදීම සම-නිර්මාතෘවරියන් විසින් දිගටම සිදුකරනු ඇත.

  1. ජයන්ති, ශ්‍රී ලංකාවේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ (Women and Media Collective) සහ ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රයේ (International Centre for Ethnic Studies) අධ්‍යක්ෂක මණ්ඩල සභාපතිනිය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලිංගික අතවර පැමිණිලි පිලිබඳ කමිටුවේ හිටපු සභාපතිනිය සහ කමිටු සාමාජික, ශ්‍රී ලංකාවේ කුරුණෑගල පිහිටි කාන්තා සම්පත් මධ්‍යස්ථානයේ (Women’s Resource Centre) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් සහ එක්සත් රාජධානිය මූලික කරගත් ‘විමෙන් ඔෆ් ද වර්ල්ඩ් ෆවුන්ඩෙෂන්’ හි (Women of the World Foundation) භාරකරුවකු ලෙස,
  2. සචිනි, RESURJ අන්තර් ජාතික ස්ත්‍රීවාදී සන්ධානයේ විධායක සම්බන්ධීකාරක සහ සාමාජිකාවක, ස්ත්‍රීවාදී ව්‍යාපාර සඳහා වූ සන්ධානයේ (Alliance for Feminist Movements) මෙහෙයුම් කණ්ඩායමේ සම සභාපතිනියට අමතරව නෙබියුලා ෆන්ඩ් (Nebula Fund) සහ W7 හි උපදේශකවරියක ලෙස,
  3. සෙයිනබ්, කාන්තාවන්, නීතිය සහ සංවර්ධනය සඳහා වන ආසියා පැසිෆික් සංසදයේ (Asia Pacific Forum on Women, Law and Development – APWLD) ස්ත්‍රීවාදී දැනුම, ඉගෙනුම් සහ ප්‍රකාශන නිලධාරිනිය, දකුණු ආසියානු ස්ත්‍රීවාදී ජාලයේ වන සන්ගට් (SANGAT) හි මූලික කණ්ඩායම් සාමාජිකාවක සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංවාද සහ මතකය සඳහා වූ සාමූහිකයේ (The Collective for Historical Dialogue and Memory) භාරකරුවකු ලෙස දිගටම ක්‍රියා කරනු ඇත.

Delete කරන්න එපා නව කණ්ඩායමට සිය සහයෝගය අඛණ්ඩව ලබාදීම නිර්මාතෘවරියන් විසින් සිදුකරනු ලබන අතර ලබාදෙන සහයෝගයේ ස්වභාවය අර්ථකථනය කිරීම පිටත්ව යන කණ්ඩායම සහ නව කණ්ඩායම යන දෙපාර්ශවයම විසින් තීරණය කරනු ඇත.

තරුණ ස්ත්‍රීවාදීන් දෙදෙනෙකුගේ සම නායකත්වයෙන් යුතු ව්‍යුහයක් සමඟින් ‘Delete කරන්න එපා’ තවදුරටත් ඉදිරියට යනු ඇති අතර, ඔවුන් දෙදෙනාව ඔබ වෙත අප හඳුන්වා දෙන්නේ ඉමහත් සතුටකිනි.

  1. මිෂාරී වීරබංසා: සම-ප්‍රධානී (වැඩසටහන්) 
    මිෂාරී කුවියර් ස්ත්‍රීවාදී සමාජ මනෝවිද්‍යාඥවරියකි. ඇයගේ පර්යේෂණ පදනම් වී ඇත්තේ අන්තර් කණ්ඩායම් ගතිකත්වය, සමාජ සාධාරණත්වය සහ අසමානතාවය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය සහ මෙම ක්‍රියාවලීන් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල ප්‍රකාශ වන ආකාර යන තේමාවන් මතය.  නොටින්හැම් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති මිෂාරී,  2022 වසරේදී Delete කරන්න එපා හි පූර්ණ කාලීන සම්බන්ධීකාරක භූමිකාව භාර ගැනීමට පෙර උප-කර්තෘවරියෙකු, කථිකාචාර්යවරියෙකු සහ අධ්‍යයන පරිපාලකවරියක ලෙස කටයුතු කළේය.
  2. ප්‍රිස්කිලා අරුල්ප්‍රගාසම්: සම-ප්‍රධානී (මෙහෙයුම්)
    ප්‍රිස්කිලා යනු එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වන UNFPA ශ්‍රී ලංකා සහ එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා වැඩසටහන ඇතුළුව ශ්‍රී ලංකාවේ සමාජභාවය සහ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අයිතීන් සම්බන්ධ ගැටළු වලට පිළියම් සොයමින් සහ ක්ෂේත්‍රයට ස්වේච්ඡා දායකත්වයක් ලබාදෙමින් පුළුල් පළපුරුද්දක් උකහා ගෙන ඇති සමාජ ක්‍රියාකාරිනියකි. ඇය ශ්‍රී ලංකාවේ ජාතික සමාජ සංවර්ධන ආයතනයෙන් සමාජ වැඩ පිළිබඳ උපාධියක් හදාරා ඇති අතර මේ වනවිට අයිස්ලන්ත විශ්වවිද්‍යාලයේ සමාජභාව අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරමින් සිටී. ඇය ශ්‍රී ලංකා තරුණ උපදේශක ජාලයේ (YANSL) ආයතනික සංවර්ධන සහ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙසද ස්වේච්ඡා මට්ටමින් කටයුතු කරයි.

එකට එකතුව, ඔවුන් විසින් Delete කරන්න එපා හි මීළඟ පරිච්ඡේදයට නායකත්වය ලබා දෙනු ඇති අතර, ඉවත්ව යන කණ්ඩායමට මෙපමණ කාලයක් ලබාදී ඇති ඔබේ අඛණ්ඩ සහයෝගය සහ සහයෝගීතාවය නව නායකත්වයටද එලෙසෙම ලබාදීම අපි අගය කරන්නෙමු.

මිෂාරී සහ ප්‍රිස්කිලා සම්බන්ධ කර ගැනීමට මෙම විද්‍යුත් ලිපිනයන් භාවිතා කිරීමට ඔබට පුළුවන්:

  1. mishaari.weerabangsa@gmail.com
  2. priskilaarulpragasam94@gmail.com
  3. deletenothingcontact@gmail.com

Delete කරන්න එපා හි නවතම තොරතුරු පිළිබඳව දැනුවත් වීමට අප සමඟ රැඳී සිටින්න!

සහයෝගීතාවයෙන්,

ජයන්ති, මිෂාරී, ප්‍රිස්කිලා, සචිනි සහ සෙයිනබ්

You may also like