Event

Delete කරන්න එපා තුළ නායකත්ව සංක්‍රමණය සම්බන්ධව දැනුම්දීමක්

September 2, 2024
- Mishaari Weerabangsa

Delete කරන්න එපා හි හිත මිතුරන් සහ අප වෙත සහයෝගය දක්වන සියල්ලන් වෙත,

මෙයට වසර පහකට පෙර ආරම්භ කරන ලද Delete කරන්න එපා පිළිබඳ වැදගත් තොරතුරකින් ඔබව දැනුවත් කිරීමට අපි සූදානම් වන්නෙමු. ශ්‍රී ලංකාවේ පමණක් නොව, දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට ගොස් තාක්‍ෂණය සහ ඩිජිටල් යුක්තිය සමඟින් ස්ත්‍රීවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් සෙමින් නමුත් නිසැකවම Delete කරන්න එපා සිය නොමසුරු දායකත්වය ලබාදී ඇත.

ප්‍රිස්කිලා අරුල්ප්‍රගාසම් Delete කරන්න එපා හි සම-ප්‍රධානියා ලෙස කටයුතු කරන ඇයගේ භූමිකාවෙන් ඉවත් වන්නේ ඇය සිය ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට විදේශගත වන නිසා බව අපි ඔබට දන්වා සිටිමු. ප්‍රිස්කිලාගේ ධූර කාලය තුළ ඇය කළ කැපවීම සහ මිල කළ නොහැකි දායකත්වය පිළිබඳව අපි අතිශයින් කෘතඥ වෙමු. ඇය අපගේ මෙහෙවර ඉදිරියට ගෙන යාමට සහ සහායක ප්‍රජාවක් පෝෂණය කිරීමට උපකාරී වී ඇත.

ශේලනි පලිහවඩන අපගේ නව සම-ප්‍රධානී (මෙහෙයුම්) ලෙස Delete කරන්න එපා වෙත සම්බන්ධ වූ බව සතුටින් ප්‍රකාශ කරන්නෙමු. කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ලබා ඇති ශෙලනි නීතීඥවරියක් වන අතර දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සංවර්ධනය සහ සමාජභාවය පිළිබඳ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටින්නීය. ඇය ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් (SRHR), සමාජභාවය, අබාධ සහිතව ජීවත් වන පුද්ගලයන්  ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂිත ගබ්සා කිරීම් හා බැඳුනු අයිතීන්  කෙරෙහි අවධානය යොමු කරන කැපවූ ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියකි.

ශ්‍රී ලංකාවේ බිහිරි ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් SRHR හි  සම වයස් අධ්‍යාපනඥවරියක් සහ ප්‍රධාන පුහුණුකාරියක් වීම ශේලනිගේ ආකර්ෂණීය පසුබිමට ඇතුළත් වේ. ඇය ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ (2019-2022) නව යොවුන් වියේ සහ තරුණ සෞඛ්‍ය පිළිබඳ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකාවක් වූවාය. ඇයගේ වෘත්තීය ගමනට ව්‍යවස්ථාමය නීතිය ප්‍රගුණ කිරීම සහ  අධිකරණ අමාත්‍යාංශයේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවට අනුයුක්ත වූ පර්යේෂණ නිලධාරිනියක ලෙස සේවය කිරීම ඇතුළත් වේ. දැනට ශේලනි SRHR, සමාජභාවය සහ ආබාධිත ගැටළු පිළිබඳ  ක්‍රියාකාරී වීම පූර්ණකාලීනව සිදු කරයි., ඒ අනුව ඇය  අප කණ්ඩායම සමඟ එක වීමට ප්‍රථම, OGBV මගින් පීඩාවට පත් වූවන් සඳහා උපකාර කිරීමේ ක්ෂණික ඇමතුම් පාදක පරිසර පද්ධතියක් වන ‘ප්‍රත්‍ය’  සමඟ කටයුතු කල අතර . ඇය ශ්‍රී ලංකා තරුණ උපදේශක ජාලයේ (YANSL) වැඩසටහන් අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කරයි.

ප්‍රිස්කිලාගේ ධූර කාලය තුළ ඇයට දැක්වූ සහයෝගය අපි බෙහෙවින් අගය කරමු.  ප්‍රිස්කිලා මෙන්ම, ඇය ගොඩනැගූ පදනම මත ඉදිරි මෙහෙයුම සහ  වැඩකටයුතු සාර්ථකව ඉටු කරන  ගෙන යන බව අපට විශ්වාසයි.

ඕනෑම විමසීමක් හෝ සහයෝගීතාවයක් සඳහා ශේලනි සම්බන්ධ කර ගැනීමට shelani95@gmail.com සහ deletenothingcontact@gmail.com  යන විද්‍යුත් ලිපිනයන් භාවිතා කිරීමට ඔබට පුළුවන.

ශේලනිගේ පැමිණීම ගැන අපි සතුටු වන අතර ඇය අපගේ සංවිධානයට ගෙන එන දායකත්වය දැකීමට අපි බලා සිටිමු. ඇයගේ විශේෂඥභාවය සහ කැපවීම සයිබර් අවකාශය සෑම කෙනෙකුටම ආරක්ෂිත අවකාශයක් බවට පත් කිරීමට අපගේ උත්සාහය ශක්තිමත් කරනු නොඅනුමානය.

Delete කරන්න එපා හි නවතම තොරතුරු පිළිබඳව දැනුවත් වීමට අප සමඟ රැඳී සිටින්න!

සහයෝගීතාවයෙන්,

මිෂාරී, ප්‍රිස්කිලා සහ ශේලනි

You may also like