Event
සම-නිර්මාතෘ සහ උපදේශක, Delete කරන්න එපා
කාන්තාවන්, නීතිය සහ සංවර්ධනය සඳහා වන ආසියා පැසිෆික් සංසදයේ (Asia Pacific Forum on Women, Law and Development – APWLD) ස්ත්‍රීවාදී දැනුම, ඉගෙනුම් සහ ප්‍රකාශන නිලධාරිනිය ලෙස සෙයිනබ් ඊබ්‍රාහිම් ක්‍රියා කරයි. ඇය ශ්‍රී ලංකාව පදනම් කරගත් ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක් සහ පර්යේෂකවරියක් වන අතර පසුගිය වසර 18 තුළ ඇය ලබාගත් අත්දැකීම් බොහොමයක් මූලික වශයෙන් සමාජ සාධාරණත්වය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් පර්යේෂණ, ලේඛනගත කිරීම්, ලිවීම් සහ කතෘ කටයුතුවල නිරත වීම හරහා උකහා ගෙන ඇත. සෙයිනබ් දකුණු ආසියානු ස්ත්‍රීවාදී ජාලයේ වන සන්ගට් (SANGAT) හි හර කණ්ඩායම් සාමාජිකාවක් වන අතර, ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංවාද සහ මතකය සඳහා වූ සාමූහිකයේ (The Collective for Historical Dialogue and Memory) භාරකරුවකු (trustee) ලෙසද ක්‍රියා කරයි. ඉන්දියාවේ ටාටා සමාජ විද්‍යා ආයතනයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සෙයිනබ් ලබාගෙන ඇත.
Event
nodelete - March 16th, 2023