නිර්වචන සහ නීති

තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයෙන් ඔබව ආරක්ෂා කළ හැකි නීති අප සතුව ඇත

තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය “දුරකථන, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වේදිකා සහ විද්යුත් තැපෑල වැනි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් භාවිතා කිරීමෙන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් සිදු කරන ලද, අනුබල දෙන ලද හෝ උග්‍ර කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වේ.” – සන්නිවේදනය සඳහා වන සම්මේලනය (APC). තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය යනු අනෙකුත් සියලුම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා සමාන අඛණ්ඩ කොටසකි.

තාක්ෂණය හා සම්බන්ධ ප්රචණ්ඩත්වය විදහා දැක්වීමේ ක්රම 13 ක් (මූලාශ්රය: ලුචඩෝරාස් MX) මෙන්ම මේ ආකාරයේ ප්‍රචණ්ඩත්වයට ආමන්ත්‍රණය කරන ජාතික සහ ජාත්යන්තර නීති අපි පහත අයුරින් බෙදා ගනිමු.

1. අනවසර පිවිසුම සහ පිවිසුම පාලනය කිරීම 

පුද්ගලයෙකුගේ ගිණුම් හෝ උපාංග වෙත ප්‍රවේශ ලබාගැනීම සඳහා කරන අනවසර ප්‍රහාර. මේවායින් අනවසර තොරතුරු රැස් කිරීම සහ / හෝ පුද්ගලයෙකුගේ ගිණුමට පිවිසීම අවහිර කිරීම යනුවෙන් අදහස් කළ හැකිය.

2. සෝදිසි කිරීම සහ ලුහුබැඳීම 

පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම්, එදිනෙදා ජීවිතය හෝ තොරතුරු නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම. (පොදු හෝ පෞද්ගලික වේවා)

3. තොරතුරු පාලනය කිරීම සහ මෙහෙයවීම

තොරතුරු එක්රැස් කිරීම හෝ සොරකම් කිරීම නිසා එවැනි තොරතුරු පාලනය කිරීමට නොහැකිවීම සහ එය වෙනස් කිරීමට ඕනෑම අනවසර උත්සාහයක් දැරීම.

4. තර්ජන

පුද්ගලයෙකුට, ඔවුන්ගේ පවුලට හෝ මිතුරන්ට හෝ ඔවුන්ගේ බඩු බාහිරාදියට හානි කිරීමේ අභිප්‍රාය දනවන

ප්‍රචණ්ඩකාරී ප්‍රකාශනය, ලිංගිකව ප්‍රචණ්ඩ හෝ තර්ජනාත්මක ශෛලියේ භාෂණය සහ අන්තර්ගතය

(වාචික හෝ ලිඛිත, රූප ආදී)

5. කප්පම් ගැනීම

වටිනාකමක් ඇති දෙයක් ගැන තර්ජන සහ බිය ගැන්වීම් හරහා පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙකුගේ කැමැත්තට අනුව ක්‍රියා කිරීමට බල කිරීම, (උදා: පුද්ගලික තොරතුරු, අයෙකු සමඟ කුළුපඟව සිටන රූප, ආදිය)

6.  වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම (පුද්ගලාරූඪණය) හා අනන්‍යතා සොරකම

යමෙකුගේ අනන්‍යතාවය ඔවුන්ගේ කැමැත්තෙන් තොරව භාවිතා කිරීම හෝ ව්‍යාජ ලෙස සකස් කිරීම.

7. පුද්ගලික තොරතුර කැමැත්තෙන් තොරව බෙදා ගැනීම

පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසියම් ආකාරයක තොරතුරු, දත්ත හෝ පුද්ගලික තොරතුරු අනවසරයෙන් බෙදා ගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම.

8. වෙනස්කොට සැලකෙන ආකාරයේ කථනය

ස්ත්‍රීන්ට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට නොගැලපෙන්නා වූ තත්වයන් ද්විතීයික ලෙස සළකන සහ ලිංගිකත්ව

ආරෝපණයන් සහිතව සළකන හෝ ඉතා තදබල ආකාරයෙන් ප්‍රජනනමය කාර්යයට සීමා කරවනු ලබන

ආකාරයේ සංස්කෘතිකමය ආදර්ශයන් ප්‍රකාශිත වන කථනයන්. එවැනි කථනයන් ප්‍රචණ්ඩත්වයට 

පොළඹවන්නා වූ හෝ නොවන්නා වූ කථනයන් ය.

9. අපකීර්තිය

විශ්වසනීයත්වය, වෘත්තීමය තත්වය පළුදු කරන හෝ පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක මුලපිරුමක 

10. අපහාස කිරීම, 

ව්‍යාජ, හැසිරවූ හෝ මාතෘකාවෙන් පිට තොරතුරු පැතිරවීම තුළින් පුද්ගලයෙකුගේ, කණ්ඩායමක හෝ මුලපිරුමක විශ්වසනීයත්වය, වෘත්තීය ජීවිතය, වැඩ හෝ පොදු ප්‍රතිරූපය යටපත් කිරීම.

11. තාක්ෂණය හා සම්බන්ධ ලිංගික අපයෝජනය සහ සූරාකෑම

යම් පුද්ගලයකුගේ පින්තූර සහ/හෝ ශරීරය ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ලිංගික සූරාකෑම පිණිස ඔවුන්ට එරෙහිව බලය ක්‍රියාත්මක කිරීමට තාක්ෂණය මාධ්‍යයක් ලෙස මූලික වීම.

12. සන්නිවේදන නාලිකාවලට පහර දීම 

පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක සන්නිවේදනය හෝ තොරතුරු නාලිකා සංසරණයෙන් බැහැර කිරීම අරමුණු

කොටගෙන හිතාමතා යොදන උපක්සරම සහ ක්ේරියා.

13 නියාමකයින්ගේ පැහැර හැරීම්

තාක්ෂණය හා සම්බන්ධ පහරදීම් නියාමනය කිරීමට, විසඳීමට සහ / හෝ දඬුවම් කිරීමට හැකියාවක් ඇති

නියාමකයින් (බලධාරීන්, අන්තර්ජාල අතරමැදියන්, ආයතන, ප්‍රජාවන්) විසින් අවඥාවට ලක්කිරීම හෝ නොසලකා හැරීම, පිළිගැනීම හෝ බලධාරීන් විසින් පියවර ගැනීම.

නීති

ජාතික

තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයට සෘජුවම ආමන්ත්‍රණය කරන නිශ්චිත නීතියක් ශ්‍රී ලංකාවට නොමැති නමුත් දණ්ඩ නීති සංග්‍රහයේ කොටස් මේ සඳහා යොදා ගත හැකි අතර තවත් නීති කිහිපයක් තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය 

ලිංගික හිරිහැර පිළිබඳ 345 වන වගන්තිය

කප්පම් ගැනීම පිළිබඳ 372 වගන්තිය

සාපරාධී බිය ගැන්වීම් පිළිබඳ 483 වගන්තිය

සාපරාධී විශ්වාසය කඩ කිරීම පිළිබඳ 388 වන වගන්තිය

පුද්ගලිකව වංචා කිරීම පිළිබඳ 399 වන වගන්තිය

පරිගණක අපරාධ පනත, 2007 අංක 24

3 වන වගන්තිය අනුව පරිගණකයකට අනවසරයෙන් ප්‍රවේශ වීම වරදකි

දත්ත සමඟ කටයුතු කිරීම පිළිබඳ 7 වන කොටස

අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනත (1983 අංක 22)

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත, 2005 අංක 34

ජාත්‍යන්තර  

ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතිය (CEDAW)

ස්ත්‍රීන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සීඩෝ පොදු නිර්දේශ අංක 35 පිළිගන්නේ “අන්තර්ජාලය හා ඩිජිටල් අවකාශයන්හි සිදුවන සමකාලීන ප්‍රචණ්ඩත්වයන් වැනි තාක්ෂණික-මැදිහත් පරිසරයන් තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය” යනුවෙනි

ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය පිළිබඳ සීඩෝ පොදු නිර්දේශ අංක 36 (2017) හි 72 වන වගන්තියේ සඳහන් වන්නේ රටවල් “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් සහ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අන්තර්ජාලයෙන් සිදුවන හිරිහැර කිරීම් සියලුම ආකාරවලින් නිර්වචනය කර දඬුවම් ලබාදෙන නීති පැනවිය යුතු” බවයි.

ශ්‍රී ලංකාව සීඩෝ සම්මුතිය අනුමත කර ඇති අතර එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික වශයෙන් නීති අර්ථ නිරූපණය කිරීම, සංශෝධනය කිරීම හෝ හඳුන්වා දීම සඳහා නීතිමය බැඳීමක් ඇත.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR)

ICCPR හි 3 වන වගන්තිය මගින් ගිවිසුමේ සහ 19 වන වගන්තියේ දක්වා ඇති “සියලු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට පුරුෂයින්ට හා කාන්තාවන්ට ඇති සමාන අයිතිය” ශක්තිමත් කරයි. “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සෑම කෙනෙකුටම තිබිය යුතුය. වාචිකව, ලිඛිතව හෝ මුද්‍රණයෙන්, කලා ස්වරූපයෙන් හෝ ඔහු කැමති වෙනත් මාධ්‍යයක් හරහා දේශසීමා නොසලකා සියලු වර්ගවල තොරතුරු හා අදහස් සෙවීමට, ලැබීමට හා ලබා දීමට මෙම අයිතියට ඇතුළත් වේ ”සහ සීමාවන් නියම කරයි. මෙම අයිතියේ.

තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යායපත්‍රය ඉලක්කය 5 ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර ගැනීම සහ සියලුම ස්ත්‍රීන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම ඉලක්කය 16 තිරසාර සංවර්ධනය සඳහා සාමකාමී සහ සියලු දෙනා ඇතුළත් වන ලෙස සමාජයන් ප්රවර්ධනය කිරීම, සැමට යුක්තිය සඳහා ප්‍රවේශය ලබ දීමට පලදායීතාවය සහ වගවීම සියලු මට්ටමවලම ආයතන ඇතුලත්වන අයුරින් ගොඩනැගීම